Welcome to Vishwadharani
මානව චර්යා ගවේෂණයේ නව මානයක පෙර ගමන්කරු
අංක විද්‍යාව ජෝතිෂ්‍යය සහ හස්තරේඛා විද්‍යාව පිළිබඳ ප‍්‍රාමාණික බුද්ධිමතුන්ගෙන් සහ විශේෂඥයින්ගෙන් සමන්විත අපගේ කණ්ඩායම විශ්වයේ අභිරහස් සහ මිනිස් ජිවිතයට ඒවායේ බලපෑම පිළිබඳව පාඨකයන්ට ගැඹුරු අවබෝධයක් සහ අව්‍යාජ මග පෙන්වීමක් ලබා දීමට කැපවී සිටී. ඔවුන්ගේ ඒකාබද්ධ විශේෂඥතාව මගින් මිනිස් අත්දැකීම් සහ අපගේ ඉරණම හැඩගස්වන විශ්ව බලවේග අතර සැඟවුණු සම්බන්ධතා ගැඹුරින් සොයා බලන තීක්ෂණ බුද්ධිය සහ නිවැරදි අන්තර්ගතය සහතික කෙරේ.
භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව වැනි ස්වාභාවික විෂයයන් විද්‍යාගාරයක හෝ රසායනාගාරයක පරීක්ෂණ සිදුකොට නිරීක්‍ෂණය කර නිගමනයන්ට එළැඹිය හැකි නිසා ඒවා විද්‍යාවන් ලෙස හැඳින්වීමට බොහෝ දෙනා පෙළඹෙති. එහෙත් අංක විද්‍යාව වැනි විෂයයන් පිළිබඳව පරීක්ෂණ සිදු කළ හැක්කේ මිනිස් සමාජය නැමැති විද්‍යාගාරය තුළ පමණි. එම පරීක්ෂණ තුළින් සිදු කරනු ලබන නිරීක්ෂණ හරහා නිගමනවලට එළැඹීමට හැකියාවක් පවතින බැවින්, මිත්‍යාවන් ලෙස අවඥාවෙන් බැහැර කරනු ලබන මෙම විෂයන්ද විද්‍යාත්මක වේ.
විශ්වය පාලනය වන්නේ අංක වලින් යයි සුප‍්‍රකට ගණිතඥ පයිතගරස් පවසා ඇත්තේ කට කහනවට නොව ඒ පිළිබඳව බොහෝ පර්යේෂණ සිදු කිරීමෙන් අනතුරුවය. අංක විද්‍යාව, ජෝතිෂ්‍ය හා හස්ත රේඛා ශාස්ත‍්‍රය වැනි ඉපැරණි විද්‍යාවන් තුළින් මිනිසාගේ දෛවීය හා චර්යාත්මක හැසිරීම් පිළිබඳව අවබෝධයක් ලැබීම සඳහා සහ මානව චර්යාවන් ගවේෂණයේ නව මානයන් සොයා සරන්නට “විශ්වධරණී” පෙර ගමන් යනු ඇත.

While modern science has diminished the perceived value of numerology, astrology, palmistry, and physiognomy, these subjects retain significant societal interest. Numerology, along with other ancient disciplines, is evolving through observation and analysis within human society, much like the natural sciences utilize laboratory experiments. Though often dismissed as myth, these fields, as Pythagoras suggested with his research on the numerical basis of the universe, offer a scientific approach to understanding human destiny and behavior. “Vishwadharani” will explore these ancient sciences to uncover new dimensions of human behavior.
The Team
Vishwadharani Advisory Board
Our team of authentic intellectuals and experts in numerology, astrology, and palmistry is
dedicated to providing readers with deep insight and authentic guidance on the mysteries of the
universe and their impact on human life. Their combined expertise ensures insightful and
accurate content that delves deeply into the hidden connections between the human experience
and the cosmic forces that shape our destiny.
අංක විද්‍යාව ජෝතිෂ්‍යය සහ හස්තරේඛා විද්‍යාව පිළිබඳ ප‍්‍රාමාණික බුද්ධිමතුන්ගෙන් සහ විශේෂඥයින්ගෙන් සමන්විත අපගේ කණ්ඩායම විශ්වයේ අභිරහස් සහ මිනිස් ජිවිතයට ඒවායේ බලපෑම පිළිබඳව පාඨකයන්ට ගැඹුරු අවබෝධයක් සහ අව්‍යාජ මග පෙන්වීමක් ලබා දීමට කැපවී සිට. ඔවුන්ගේ ඒකාබද්ධ විශේෂඥතාව මගින් මිනිස් අත්දැකීම් සහ අපගේ ඉරණම හැඩගස්වන විශ්ව බලවේග අතර සැඟවුණු සම්බන්ධතා ගැඹුරින් සොයා බලන තීක්ෂණ බුද්ධිය සහ නිවැරදි අන්තර්ගතය සහතික කෙරේ.
විශ්වධරණී උපදේශක මණ්ඩලය Vishwadharani Advisory Board

නීතීඥ චතුර උමගිලිය මහතා.
ප්‍රධාන උපදේශක
ප්‍රකට නීතීඥවරයෙකු , අංක විද්‍යා වියශේෂඥ වරයෙකු , ඔහු ගේය පද රචකයෙකුද වේ.

උචිතා කුරේ මහත්මිය
සහය උපදේශිකා
ගණකාධිකාරීවරියක වශයෙන් සෙවය කර ඇති උචිතා මහත්මිය, හස්ථ රේඛා ශාස්ත්‍රය පිලිබද ප්‍රාමාණික විද්වතෙකි.
විශ්වධරණී සංස්කාරක මණ්ඩලය Vishwadharani Editorial Board

හරින්ත්‍රනත් ඛේමින්ද මහත්මා
ප්‍රධාන සංස්කාරක
වෘත්තියෙන් සිවිල් ඉංජිනේරු වරයෙකු වන මොහු ඉන්දියානු පිරමීඩ වස්තු විද්‍යා විශේෂඥ වරයෙකුද වේ.

උමේශ් අරවින්ද මහතා.
වෘත්තීය ඡායාරූප සංස්කරණ සහ ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන උමේශ් අරවින්ද මහතා බහුමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙකි.

ආචාර්ය ජී. ආර්. නිල්මිණි හිල්ඩා කුමාරි මහත්මිය.
කැළණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර වේදී උපාධිධාරිණියෙකු වන ආචාර්ය නිල්මිණි මහත්මිය සම්මානලාභී ජෝතිෂ්‍ය වේදිණියකි.

ආර්. එම්. සේමසිරි බණ්ඩාර මහතා.
ජාත්‍යන්තර බුඩෝකාන් කරාතේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයකු වන මොහු කන්තෝ බුඩෝකාන් කරාතේ සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධාන උපදේශක සහ ශ්‍රේණි පරීක්ෂක වරයා වේ.

ශ්‍යාමිලා රාමචන්ද්‍රන් මහත්මිය
පූර්ව ළමාවිය සංවර්ධනය කිරීමේ හා පරිවාස පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කොට ඇති රාමචන්ද්‍රන් මහත්මිය, ප්‍රාතමික ගුරුවරියක් ලෙස කටයුතු කර ඇත.

චින්තක සංජීව රාමනායක මහතා.
ප්‍රවීණ ජෝතිර්වේදියෙකු, හස්ථ රේඛා ඩිප්ලෝමාධාරියෙකු, තත්කාල හා වාස්තුවේදීයෙකු වේ.

ප්‍රසන්න මාතර ආරච්චි මහතා
යෝගා සහ ව්‍යුහ විද්‍යාව පිළිබඳව ඩිප්ලෝමාධාරියෙකු, යෝගා සහ කායික උපදේශක වරයෙකු, හෝටල් කලමණාකරණය පිළිබඳව උපාධිධාරි සූපවේදියෙකුද වේ.

ටී.ටී.එස්. හේමාලි මහත්මිය
සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ජාතික තාක්ෂණ සහතිකය සහ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් පිළිබඳ සහතිකපත්‍ර ලාභිනියෙක් ද වේ.

මාලි ප්‍රියංගිකා වීරකෝන් මහත්මිය
අංක විද්‍යා විද්‍යාර්ථියකු වන වීරකෝන් මහත්මිය ප්‍රකට සමාජ සේවිකාවක් ද වේ.